රුපියල් කෝටි 12කට අධික වටිනාකමක් සහිත කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට බෝට්ටුවක් උපයෝගී කරගනිමින් රුපියල් කෝටි 12කට අධික වටිනාකමක් සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 304කුත් ග්‍රෑම් 600ක ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (08) කිලිනොච්චිය – උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදියි.

නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි කිරීමක ප්‍රතිඵලයක් ලෙස සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම කේරළ ගංජා තොගය බෝට්ටුව තුළ සඟවා පැමිණ ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දීය මුහුදු සීමාවන්ට ඇතුල් වී ඉන්දීය ජාවාරම්කරුවන්ගෙන් අදාළ කේරළ ගංජා ගෙන මසුන් අල්ලන ධීවරයින්ගේ වෙස්ගෙන අදාළ මත්ද්‍රව්‍ය කිලිනොච්චිය මුහුදු තීරයට රැගෙන ඒමට කටයුතු කර ඇති බව හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය – මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේනි පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18