බිඳ වැටුණු ඉනිම සුපිරියටම ගොඩගත් පන්ජාබ්වරුන්ගෙන් දැනෙන ලකුණු පුවරුවක්

මුල්ලනාපූර් හි දී අද (08) පැවැත්වෙන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ දී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 219ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ්වරුන් පළමු ව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පැමිණි පන්ජාබ් මුල් පෙළ පිතිකරුවන්ට ආරම්භක පිතිකරු වු ප්‍රියනාෂ් ආර්‍යයට හැර සාර්ථක වන්නට හැකි වූයේ නැහැ.

නායක ශ්‍රියාර්ස් අයියර්ගේ පටන් පිතිකරුවන් පස්දෙනෙකු ම ලකුණු 10කට අඩුවෙන් දැවී යද්දී සිය අනගි පිතිහරඹයෙන් ඉනිම ඔසවා තැබූ ප්‍රියනාෂ් ආර්‍යය පන්දු 42ක දී ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වුණා.

ඊට හයේ පහර 09ක් සහ හතරේ පහර 07ක් ඇතුළත්.

ප්‍රියනාශ්ගේ දැවී යාමෙන් පසුව ශශංක් සමග එක් වූ මාර්කෝ ජැන්සන් ඉනිම ලකුණු 200 සීමාව අබිබවා යෑමට දැරූ ප්‍රයත්නය සාර්ථක වූ අතර ශශංක් නොදැවී ලකුණු 52ක් ලබාගත්තා.

මාර්කෝ ජැන්සන් නොදැවී ලකුණු 34යි.

කඩුලු බිඳ දැමීමේ දී කලීල් අහමඩ් සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 02ක බැගින් ද එක් කඩුල්ල බැගින් මුකේෂ් චෞද්‍රි හා නූර් අහමඩ් එක්ව බිඳ හෙලුවා.

ඒ අනුව ජයග්‍රහණයට චෙන්නායිවරුන්ට ලකුණු 220ක ඉලක්කයක් හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18