ඝාතනයක් වසන් කරන්න ගත් තැත ගැස්සෙයි

ඊයේ (07) උදෑසන මොරගොඩ පොලිස් වසමේ මානන්කට්ටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු රිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට මොරගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අනතුරුව මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් මත සිදුකරන ලද පහරදීමක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා දානමය පිංකමකට සහභාගි වී නිවසට යමින් සිටියදී ඔහුගේ මස්සිනා සහ මස්සිනාගේ බිරිඳ අතර ඇති වූ බහින් බස්වීමක් සිදුව තිබෙනවා.

එම බහින් බස්වීම දුරදිග ගොස් ආරවුලක් ඇතිවීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි සිදුකළ විමර්ශනයේදී අනාවරනය වී ඇත්තේ.

මෙම ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 50 ක් වන සැකකරු හා වයස අවුරුදු 43 ක් වන සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ 60 හැවිරිදි මානන්කට්ටිය, මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයාගේ මළ සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මොරගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16