වැඩිහිටි කාන්තාවකගේ ඇසුරට මුදල් සොයන්න කෙසෙල් කැන් කැපු පාසැල් සිසුන්

වැඩිහිටි කාන්තාවන්ගේ ඇසුරට ලොල් වූ පාසල් සිසුන් දෙදෙනකු ඒ සඳහා මුදල් සොයා ගැනීමට ගම්පොළ උලපනේ ප‍්‍රදේශයෙන් කෙසෙල් කැන් 30 ක් හොරට කපා විකුණා තිබියදී ගම්පොළ පොලිසිය මගින් එම සිසුන්  ගම්පොළ දිසා විනිසුරු ශ‍්‍රීනිත් විජේසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමේදී එක් අයකුට රුපියල් දස දහස බැගින් ශරීර ඇප සමග දැඩි ඇප කොන්දේසි ඉදිරිපත් කරනු ලැබීය.

උලපනේ පහේ කල්ලිය නමින් හඳුන්වා ඇති මෙම සිසු කණ්ඩායම ගම්පොළ නගරයේ ප‍්‍රසිද්ධ ජාතික පාසලක 11 වසර පන්තියේ ඉගෙනුම ලැබූවන් බව පොලිසිය පවසයි.

මොවුන් තදින්ම මත් පෙතිවලට හුරු වී ඇති බවද මත් පෙති භාවිතයෙන් පසු වැඩිහිටි කාන්තාවන්ගේ ඇසුරට යෑම පිළිබඳවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

ගම්පොළ ඇත්ගාල ප‍්‍රදේශයේ සිටින මෙම කාන්තාවන් සොයා බාලවයස්කරුවෝ වරදට පොළඹවා ගැනීම පිළිබඳව නීතිමය කටයුතු කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.

මෙම සිසුන් හොරට කැපූ කෙසෙල් කැන් අතර රුවන්වැලි සෑයේ කිරි ආහාර පූජාව වෙනුවෙන් වෙන් කොට තිබූ කෙසෙල් කැනක්ද තිබූ බව අයිතිකරුවන් පොලිසියට පවසා තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37