වැලිකඩ OIC ධුරයෙන් ඉවතට – තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කරන ලද සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා එම පොලිස් ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනමට ලක් කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ස්ථානාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට සඳහා වන නිර්දේශ අද (06) දිනයේ වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාශය වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම සිදුවීමේ දී රාජකාරි පැහැර හැරි බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුගිය පළමු වනදා රාත්‍රී කාලයේ රාජගිරිය, නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඔහුව රෝහල් ගතකර කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16