Indian Premier League

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් 59ක් නිෂ්ප්‍රභ කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සම් 53ක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් 06ක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (04) නියෝග කළා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා පළාත් පාලන පනතේ විධිවිධානයන්ට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීමකට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමක් හෝ තේරීම් භාර නිලධාරියවරයා විසින් ඉටු කරනු ලබන කටයුත්තක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය අවධාරණය කළා.

එවැනි රිට් පෙත්සම් අභියෝගයට ලක් කළ හැක්කේ අභියාචනාධිකරණය හමුවේ බවත් මෙම පෙත්සම්  විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත් ඇය පෙන්වා දුන්නා.

පෙත්සම්හි නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස් තුරෛයිරාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන විනිසුරු මඬුල්ල ප්‍රකාශයට පත්කළා.

ජන අරගල සංවිධානය, ස්වාධීන කණ්ඩායම්, ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංගසය සහ ඉලංගෛයි තමිල් අරසුකච්චි ඇතුළු මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින තවත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුබ ගමන් සසුනිසුරාණෙනී - සුදතුම් පියාණන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදුකරන්නේ මෙහෙමයි
31:30
Video thumbnail
බලංගොඩ කස්සප හිමිගෙන් ආණ්ඩුවට රතු එළියක්
12:09
Video thumbnail
දිලීත්ගේ මුළු මූණම අද රතු වෙලා...මොකද මේ මළ පැනලා
10:54
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03

?