ඉන්දියානුවන් 4 ක් යාපනයේ නිවසක සැඟව සිටි යදී නිරෝධායනයට

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ රැඳී සිටි එකම පවුලේ 04 දෙනෙකු ඔවුන් රැඳී සිටි නිවස තුළම නිරෝධායනයට ලක් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ කොරෝනා පරීක්ෂණ සඳහාද ඔවුන් යොමුකර ඇති බවයි.මේ අතර මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,429 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර, එහිදී දිස්ත්‍රික්ක 10 ක දෛනික ආසාදිතයින් සියය ඉක්මවා වාර්තා වී තිබුණා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, මාතර, බදුල්ල, මහනුවර, පුත්තලම සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින් එලෙස ආසාදිතයින් සියය ඉක්මවා වාර්තා වී තිබූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 2,429 දෙනා සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 32,527 ක් දක්වා ඉහළ ගියා.

ගෙවුණු දිනයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වූ 413 ක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අතර පිලියන්දල ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයින් 146 දෙනෙකු වනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 370ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 332 ක් වාර්තා වුණා. ඒ අනුව බස්නාහිර පළාතෙන් පමණක් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 1,106ක්.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 136 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 128 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 140 දෙනෙකු, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 132 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 123 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 119 දෙනෙකු සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 107 දෙනෙකු ලෙස ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබුණා.

ඉදිරියේදී තවදුරටත් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යා හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා. මේ අතර, සීගිරිය – ඉනාමලුව ප්‍රදේශයේ පෞද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලාවක් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් 23 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් එම ඇගලුම් කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරවල රැඳී සිටි සිසුන් 31 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. එසේම, වව්නියාව මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට සහ හෙද නිලධාරීන් දෙදෙනෙකුට මෙන්ම රෝහල් සේවකයෙකුටද කොරෝනා වෛරසය වැළඳී ඇති බව සඳහන්.

එසේම, සූම් තාක්ෂණය ඔස්සේ දේවගැතිවරයෙකු පැවැත් වූ දේව මෙහෙයකට සහභාගි වීම සඳහා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවුල් කිහිපයක පිරිසක් එක් නිවසකට රැස්ව ඇති අතර, ඒ අතර සිටි කාන්තාවක ආසාදිතයෙකු බව පසුව තහවුරු වුණා. ඒ අනුව අදාළ පවුල්වල සියලු දෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, ගතවූ දිනයේ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 18 ක් මෙරටින් වාර්තා වුණා. ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 868 ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ මරණ 18 න් 16 කටම හේතුවී තිබුණේ කොවිඩ් නිව්මෝනියාවයි. මෙරට එන්නත්කරණ වැඩසටහන  යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 231,557 දෙනෙකුට මේ වනවිට ලබාදී ඇති අතර ගෙවුණු දිනයේ පමණක් දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 10,189ක්.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ද ඊයේ දිනයේ පුද්ගලයින් 79,403 දෙනෙකුට ලබාදී ඇති අතර, ඒ අනුව එම එන්නත මෙතෙක් පුද්ගලයින් 150,606 දෙනෙකුට ලබාදී තිබෙනවා. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාවද පුද්ගලයින් 14,673 දෙනෙකුට ලබාදී අවසන්. මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 448 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48