දකුණු කොරියානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය ඒකමතිකව සම්මතයි

ඒකාධිපති පාලන ලක්ෂණ පෙන්වූ දකුණු කොරියානු ජනාධිපති යුන් -සුක් යෝල් ට එරෙහිව එරට පාර්ලිමේන්තුවේ දී ගෙන ආ දෝෂාභියෝගය ඒකමතික ව සම්මත වී තිබෙනවා.

CNN පුවත් සේවය වාර්තා කළේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවේ ඒකමතිකව මන්ත්‍රීවරුන් යුන්ට එරෙහිව ඡන්දය භාවිත කර ඇති බවයි.

ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ට ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට සිදු වනවා.

එමෙන්ම මෙම තීන්දුව අනුව දින 60ක් ඇතුළත නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ ‍යුතු බවයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

එතෙක් එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.

2017 වසරේ දී ද දකුණු කොරියාවේ මෙලෙසින්ම ජනාධිපතිවරයෙකු ඉවත් කර තිබුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියාවේ දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කර මාස හතරකට පසු මෙලෙස ධුරයෙන් ඉවත් කරනු ලැබුවා.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි යුන් ඔහුට ලබා දී ඇති ජනාධිපති නිල නිවසින් ද ඉවත් ව යා යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14