නිවසක බැම්මක් ඉදි කරමින් සිටි සේවකයින් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

මහනුවර – පූර්ණවත්ත ප්‍රදේශයේ නිවසක බැම්මක් ඉදි කරමින් සිටි පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම පස් ගොඩට යටව සිටි දෙදෙනෙක් පැය එකහමාරක පමණ උත්සාහයකින් පසු මුදාගෙන ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (03) දහවල් 12ට පමණ මෙම අනතුර සිදු ව ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ දී පස්දෙනෙකු එම ස්ථානයේ වැඩ කරමින් සිටි බවයි.

එම පස්දෙනාගෙන් තිදෙනෙකු සැණින් ඉවතට පැන ඇති අතර දෙදෙනකු පස්වලට යට වී තිබෙනවා.

මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මෙන්] ම නගර සභාවේ තවත් සේවක පිරිසක් ද අනතුරට පත් වූවන් ගලවා
ගැනීම සඳහා පැමිණියා.

මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම පස් කන්ද බුරුල් වී කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානයට පැමිණ සිටි මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය සඳහන් කළේ පස් කන්දට යට වූවන් දෙදෙනාම රෝහල්ගත කළ අතර ඔවුන් බරපතළ තත්ත්වයෙන් මේ වනවිට මිදී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?