රුපියල් 5000කට මල් කැකුළක් එලොව යැවූ පාපතරයෝ නීතිය හමුවට (වීඩියෝ)

කළුතර – ගමගොඩ පාර, රජවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර සය හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කිරීම සහ තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදු කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ – අක්කර 33 ප්‍රදේශයේ සහ කළුතර – කෝන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 සහ 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්.

සැකකරුවන් ඉකුත් 29 වැනි දින රාත්‍රියේ දී මෙම නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබූ අතර, එහිදී එම කාන්තාව තුවාල ලබා එම නිවසට රූපවාහිනිය නැරඹීමට පැමිණ සිටි සෙනාල් සංදීප නමැති කුඩා පිරිමි දරුවා ජීවිතක්ෂයට පත් වුණා.

මත්කුඩු ජාවාරමකට අදාළ ව මුදල් ගනුදෙනුවක් මත ලබා දුන් කොන්ත්‍රාත්තුවක් අනුව සැකකරුවන් තුවාල ලැබූ කාන්තාව ඉලක්ක කරගනිමින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරයෙන් පිලිස්සුම් තුවාල ලැබූ දරුවාගේ විලාපය සමග සැකකරුවන් රැගෙන ආ අනෙක් බෝම්බය එල්ල නොකරම පලා ගොස් ඇති බව පොලිසිය පැවසුවා.

සැකකරුවන් ප්‍රහාරය සඳහා භාවිත කළ යතුරුපැදිය, තවත් පෙට්‍රල් බෝම්බයක් සහ එම බෝම්බ සැකසීමට යොදාගත් ද්‍රව්‍ය මෙන් ම ජංගම දූරකථන දෙකක් ද පොලිස් භාරයට ගැනුණා.

කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සැකකරුවන්ට ලැබී ඇත්තේ රුපියල් 5000ක මුදලක් බවට ද සිදුකළ වැඩිදුර විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20