ළැඟුම්හලේ සිහිසුන් ව වැටී සිටි කතක් සමග T56 ගිනිඅවියක් පතොරම් එක්කම සොයාගැනේ

වත්තල පොලිස් වසමේ හේකිත්ත පාර වත්තල ප්‍රදේශයේ පිහිටි ළැඟුම්හලක කාමරයක් තුළ ඊයේ (01) දින කාන්තාවක් ගෙල වැළලාගෙන සිටින බවට වත්තල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත වත්තල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විමර්ශන සිදු කළ නිලධාරින් හට ළැඟුම්හලේ නාන කාමරයක් තුළ කාන්තාවක් සිහිසුන්ව සිටිනු නිරික්ෂණය වී ඇති බවයි.

නිලධාරින් මෙම කාන්තාව නැවත සිහි ගැන්වීමට කටයුතු කර ඇති අතර අනතුරුව ඇය පරික්ෂා කිරීමේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 100ක් ඇය සන්තකයේ තිබීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 35 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකාරියගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දි මෙම කාන්තාව විදේශගතව සිටිමින් මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු සමග සමීප සම්බන්ධතා පවත්වන බවට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් සුරක්ෂිතව තැබීම සඳහා ඇය වෙත ලබාදෙන ලද T56 ගිනි අවියක් හා එම පතරොම් 113ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

මෙම සැකකාරියගේ මග පෙන්වීම මත ඇය පදිංචිව සිටින දෙවන විවාහයේ සැමියා පදිංචි රාගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිසිය විසින් එම අවිය හා පතරොම් සොයා ගැනුණා.

එම T56 ගිනිඅවිය හා පතරොම් සඟවා තිබූ හීන්කෙන්ද, රාගම නිවසේ පදිංචි සැකකාර කාන්තාවගේ වයස අවුරුදු 40ක් වන සැමියා ද වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18