දකුණු අප්‍රිකානු සුදු පන්දුවේ පුහුණුකාරීත්වය හිස්වෙයි

රොබ් වෝල්ටර් දකුණු අප්‍රිකානු සුදු පන්දු පුහුණුකාරීත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ දකුණු අප්‍රිකාවේ සුදු පන්දු පුහුණුකරු ලෙස සිව් වසරක කොන්ත්‍රාත් කාලයකට ගිවිසුම්ගත ව සිටි රොබ් වෝල්ටර් ඔහුගේ දෙවසරක කාලයකින් ඉන් ඉවත් ව ඇති බවයි.

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව එක්ව සත්කාරකත්වය දරන 2027 ලෝක කුසලානයට දකුණු අප්‍රිකාව රැගෙන යාමට වෝල්ටර් සිය කණ්ඩායම සූදානම් කරමින් සිටින පසුබිමකදියි මෙලෙස තීරණය කර ඇත්තේ.

වෝල්ටර්ගේ ඉල්ලා අස්වීම පෞද්ගලික හේතුවක් මත සිදු වූවක් බව ද වාර්තා වනවා.

“ශක්තිමත් කණ්ඩායමක් පුහුණු කිරීම ඇදහිය නොහැකි ගෞරවයක්. අපි එක්ව අත්කර ගත් දේ ගැන මම අතිශයින් ආඩම්බර වෙමි,” වෝල්ටර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

“ක්‍රීඩකයින්, සහායක කාර්ය මණ්ඩලය සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ප්‍රජාව මෙම ගමන පුරාම හයියක්. මට ඉවත් වීමට කාලය පැමිණ ඇතත්, කණ්ඩායම වර්ධනය තවදුරටත් අපේක්ෂා කරනවා” යනුවෙන් වෝල්ටර් වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09