දකුණු අප්‍රිකානු සුදු පන්දුවේ පුහුණුකාරීත්වය හිස්වෙයි

රොබ් වෝල්ටර් දකුණු අප්‍රිකානු සුදු පන්දු පුහුණුකාරීත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ දකුණු අප්‍රිකාවේ සුදු පන්දු පුහුණුකරු ලෙස සිව් වසරක කොන්ත්‍රාත් කාලයකට ගිවිසුම්ගත ව සිටි රොබ් වෝල්ටර් ඔහුගේ දෙවසරක කාලයකින් ඉන් ඉවත් ව ඇති බවයි.

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව එක්ව සත්කාරකත්වය දරන 2027 ලෝක කුසලානයට දකුණු අප්‍රිකාව රැගෙන යාමට වෝල්ටර් සිය කණ්ඩායම සූදානම් කරමින් සිටින පසුබිමකදියි මෙලෙස තීරණය කර ඇත්තේ.

වෝල්ටර්ගේ ඉල්ලා අස්වීම පෞද්ගලික හේතුවක් මත සිදු වූවක් බව ද වාර්තා වනවා.

“ශක්තිමත් කණ්ඩායමක් පුහුණු කිරීම ඇදහිය නොහැකි ගෞරවයක්. අපි එක්ව අත්කර ගත් දේ ගැන මම අතිශයින් ආඩම්බර වෙමි,” වෝල්ටර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

“ක්‍රීඩකයින්, සහායක කාර්ය මණ්ඩලය සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ප්‍රජාව මෙම ගමන පුරාම හයියක්. මට ඉවත් වීමට කාලය පැමිණ ඇතත්, කණ්ඩායම වර්ධනය තවදුරටත් අපේක්ෂා කරනවා” යනුවෙන් වෝල්ටර් වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?