ජයග්‍රහණයට පන්ජාබ්වරුන්ට ලකුණු 172ක ඉලක්කයක්

2025 IPL ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන 13 වැනි තරගය අද (01) රාත්‍රියේ දී ලක්නව් නුවර දී ආරම්භ වුණා.

ඒ ලක්නව් සුපර් ජෑන්ට්ස් සහ පන්ජාබ් කින්ග්ස් අතර යි.

තරගයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ්වරුන් පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව ලක්නව් වෙත හිමිකළා.

ආරම්භයේ සිට ම ඇතැම් විට මන්දගාමීත් ඇතැම් විට ප්‍රවේගකාරී ඉනිම් දියත් කරමින් ලක්නව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා.

එහිදී සිය කණ්ඩායම වෙනුවෙන් ලක්නව් සුපර් ජෑන්ට්ස් වෙනුවෙන් වැඩිම ලකුණු ලැබුවේ නිකොලස් පූරාන් (44) විසින්.

කඩුලු බිඳ දැමීමේ දී පන්ජාබ්වරුන් වෙනුවෙන් අර්ෂදීප් සින්ග් ලකුණු 43කට කඩුලු 03ක් බිඳ දැමුවා.

ලොකී ෆර්ගසන්, ග්ලේන් මැක්ස්වෙල්, යුෂ්වෙන්ද්‍ර චහල් සහ මාර්කො ජැන්සන් විසින් එක් කඩුල්ල බැගින් බිඳ දැමීමට සමත් වුණා.

ඒ අනුව අද තරගය ජය ගැනීමට පන්ජාබ්වරුන්ට හිමි වූ ඉලක්කය ලකුණු 172ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40