සිසුවාගේ පියා සමඟ අනියම් ඇසුරක පැටලුණු ගුරුවරිය කප්පම් ගන්න ගිහින් මාට්ටු

සිසුවෙකුගේ පියෙක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඔහුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කළ ගුරුවරියක් අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි ගුරුවරියක්වන අතර; ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බටහිර බැංගලෝරයේ තම බිරිඳ සහ දියණියන් තිදෙනා සමඟ ජීවත්වන වෙළෙන්දෙකු වන සතිෂ්, 2023 දී ඔහුගේ බාල දරුවා පාසලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී මෙම පුද්ගලයා අදාළ ගුරුවරිය මුණගැසී ඇති අතර, පසුව ඔවුන් දෙදෙනාගේ ඇසුර සමීප ඇසුරක් බවට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා දුරකථනයෙන් කෙටි පණිවුඩ සහ වීඩියෝ ඇමතුම් හුවමාරු කර ගැනීමටත්, අවසානයේ ඔවුන්ගේ හමුවීම් ඉතා පෞද්ගලික හමුවීම් බවටත් පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් සැකකාර ගුරුවරිය තවත් දෙදෙනෙකු සමඟ එක් වී මෙම පුද්ගලයා එවූ අතිශය පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පවුලේ ඥාතීන් වෙත පෙන්වන බව පවසා තර්ජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඔවුන් විසින් කප්පම් වශයෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ඉල්ලා ඇති අතර, එම මුදල ලක්ෂ 15ක් දක්වා අඩුකර ගැනීමට අදාළ පුද්ගලයාට හැකිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා පොලිසියට පැමිණිලිකර ඇති අතර, එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර ගුරුවරිය සහ අනෙකුත් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු තිදෙනා දින 14 කට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18