Empty Ad
AFC Banner
Empty Ad

පිස්තෝලයක් සමඟ නවීන් දිසානායකගේ ලේකම්වරයෙක් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායකගේ ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකු ලියාපදිංචි නොකළ මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව පොලිසිය මඟින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මුල්ලේරියාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ජලපොම්පාරගාරය අසල දී රිය අනතුරක් සිදුකළ මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේ දී එහි තුළ තිබී මෙම ගිනි අවිය හමුවී තිබෙනවා.

එය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ එම අවිය ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කළ ගිනි අවියක් බවයි.

ඒ, සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මෙම පිස්තෝලය ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බවට නවරණය වී ඇති අතර, කෙසේ වෙතත් එය 2025 වසර වෙනුවෙන් ලියාපදිංචි කර නොතිබූ බවයි හෙළි වී ඇත්තේ.

ලියාපදිංචි නොකළ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සහ බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අදාළ ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමටයි එහිදී පොලිසිය කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අංගොඩ, කුඩාබුත්ගමුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?