පිස්තෝලයක් සමඟ නවීන් දිසානායකගේ ලේකම්වරයෙක් අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායකගේ ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකු ලියාපදිංචි නොකළ මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව පොලිසිය මඟින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මුල්ලේරියාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ජලපොම්පාරගාරය අසල දී රිය අනතුරක් සිදුකළ මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේ දී එහි තුළ තිබී මෙම ගිනි අවිය හමුවී තිබෙනවා.

එය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ එම අවිය ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කළ ගිනි අවියක් බවයි.

ඒ, සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මෙම පිස්තෝලය ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බවට නවරණය වී ඇති අතර, කෙසේ වෙතත් එය 2025 වසර වෙනුවෙන් ලියාපදිංචි කර නොතිබූ බවයි හෙළි වී ඇත්තේ.

ලියාපදිංචි නොකළ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සහ බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අදාළ ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමටයි එහිදී පොලිසිය කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අංගොඩ, කුඩාබුත්ගමුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48