‘ක්ලීන් ශ්‍රී ලංකා’ නාගරික වනාන්තර ව්‍යාපෘතිය කැලණි පාලම අසලින් ඇරඹේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (30) පෙරවරුවේ පෑලියගොඩ, කැලණි පාලම අසලදී ආරම්භ වුණා.

ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙම ව්‍යාපෘතිය සමඟ එක්ව සිටිනවා.

ඒ, අනුව පෑලියගොඩ නවලෝක වටරවුම සහ නව කැලණි පාලම අතර රජය සතු භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආකර්ශණීය නාගරික වන වගා භූමියක් ලෙස ස්ථාපනය කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ දහම් පාසල් සිසුන් වැනි විවිධ පාර්ශ්වයන් වෙත වගකීම් පැවරීමයි.

ඒ, අනුව පෑලියගොඩ කැලණි පාලම අසළ රෝපණය කෙරුණු පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ වගකීම පෑලියගොඩ ධර්මවිජය දහම් පාසලේ සිසු දරු දැරියන් වෙත පැවරීම ද මෙහිදී සිදුවුණා.

ගස පිළිබඳ සියලු තොරුතුරු එනම් ගස වැඩීමත් සමඟ එහි කාලීන තත්ත්වය සහ කැපකරුවන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙන යෙදවුමක් ද හඳුන්වාදී තිබීම විශේෂත්වයක්.

මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව සිදුකළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සඳහන් කළේ මෙම වැඩසටහන හුදු වන වගා ව්‍යාපෘතියක් පමණක් නොව සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික වශයෙන් රට තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණු සමඟ බැඳි ජනතාව තුළින් මතුවන, ජනතාවාදී ව්‍යාපාරයක් බවයි.

මෙතෙක් පැවතී සියලු රජයන් විවිධ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද එය කෙතරම් දුරට සාර්ථක වූවා ද යන්න ගැටලු සහගත බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ජනතා සහභාගීත්වය සහිත වැඩසටහනක් බැවින් මෙම වන වගා ව්‍යාපෘතිය ද ඉදිරියේ දී තිරසර ව්‍යාපෘතියක් බවට පත්වනු ඇති බව සඳහන් කළා.

මෙම අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස එක්ව සිටි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ හරිත නගර සංකල්පය සමඟ අද නාගරික වනාන්තර පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇති බවයි.

එම අරමුණු යථාවත් කර ගැනීමේ දී ජනතාව තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනතාවට වගකීම් පවරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බව පැවසුවා.

එසේම අද තිරසර පරිසර පද්ධතියක් වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය අනුර කරුණාතිලක ද මීට එක්ව සිටි අතර, නාගරීකරණය සමඟ එක් පසෙකින් ජීවිතය පහසු වන විට, අනෙක් පසින් බොහෝ දේ අහිමි වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

පරිසර දූෂණය, ජල දූෂණය, වායු දූෂණය සහ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම වැනි නාගරීකරණය සමඟ ඇති වී ඇති අහිතකර ප්‍රතිවිපාකයන්ට අද අපේ රටට ද මුහුණ දීමට සිදුව තිබෙන අතර, ඊට විසදුම් සෙවීමේ දී මෙවන් නාගරික වනාන්තර ව්‍යාපෘති ඉතා වැදගත් බව ඔහු කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි
00:43
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි - මූණත් වහගෙන යන විදිය
01:00
Video thumbnail
ආණ්ඩුවට ඇපත් නැතිවෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ - මාලිමාවට ඡන්දය දුන්න ගොඩක් අය පොහොට්ටුව පැත්තට එනවා
04:36
Video thumbnail
අපරාධකාරයෝ සාටකේ දාගෙන සුදනෝ වගේ කතාකරනවා
08:48
Video thumbnail
22වන සංශෝධනයට පොහොට්ටුව සම්පූර්ණයෙන් විරුද්ධයි - රටේ වෙන ප්‍රශ්න නැද්ද ?
06:43
Video thumbnail
මේ කහින්නේ නැතිව ඉන්නවා හලෝ..පයිත්තියන් ඩොක්ටර්...
00:21
Video thumbnail
නාමල්ගේ මේ පයිත්තියන් ඩොක්ටර්ට කියන්න සද්දේ නැතිව ඉන්න කියලා
01:15
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48