ජාතික ලුණු සමාගමට අනුබද්ධව, අලිමංකඩ ලුණු ලේවාය ආශ්‍රිතව ආරම්භ කරන මේස ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කරනවා.
එම කර්මාන්ත ශාලාව මගින් ඉතා සහනදායි මිලට මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල සඳහන් කළේ.
‘රජ ලුණු’ නැමැති වෙළඳ සන්නාම යටතේ මෙම ලුණු වෙළඳපොළට පැමිණෙන අතර, මෙම කර්මාන්තශාලාව මඟින් සෘජු හා වක්‍ර රැකියා රැසක් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා සඳහන් කළා.
මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික් ටොන් 05ක ලුණු නිෂ්පාදනයක් සිදුකෙරෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.














Excellent.Will visit and buy