පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ගැනීමට ලබා දී ඇති වවුචරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6,000ක වවුචරයේ වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මේ මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ වවුචර්පත්වල වලංගු කාලය අප්‍රේල් මස 30 වන දක්වා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.