සීනි සභාපතිකම සඳමාලිට – ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති ආචාර්‍යය බන්දුල දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊයේ (27) පස්වරුවේ ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 22 වැනි දින කැබිනට් අනුමැතිය හිමිවූයේ බන්දුල දිලීප මහතා ඇතුළු කොමිෂන් සභාවට තවත් සාමාජිකයින් සිව්දෙනෙකු පත් කිරීම සඳහා යි.

කෙසේවෙතත් ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයට පත් ව මාස 05ක් තුළ සිය සේවාවෙන් විතාරණ මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

මේ අතර ලංකා සීනි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරු සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනකු පත් ව තිබෙන බවත් වාර්තා වනවා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම පත්වීම් සිදු කරනු ලැබුවා.

සභාපති ධුරය සඳහා සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පත්වද්දී, අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත් කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14