ලක්ෂ 57000ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ආයතනයක ලොක්කො 12කට නොතීසි

රුපියල් ලක්ෂ 57,000ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන දෙකක සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂවරු 10 දෙනෙකුට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා අද (27) නොතිසි නිකුත් කළා.

වැඩි පොලියක් ලබාදෙන බව පවසමින් තැන්පත්කරුවන්ගේ මුදල් ලබාගෙන ව්‍යාජ ප්‍රොමිසරි නෝට්ටු ලබා දී දිවයින පුරා පිහිටි ඔවුන්ගේ ශඛා මගින් මෙම මුල්‍ය වංචා සිදුකර ඇති බව මීගමුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් දැනට පැමිණිලි 16 ක් ලැබී ඇති බවත් එම සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂවරු දස දෙනෙකුට ප්‍රකාශ ලබා දිමට පොලිසියට පැමිනෙන ලෙස පැවසුවත් කෝසල සුරංග රණසිංහ නමැත්තා පමණක් පොලිසියට පැමිණි බවත් අන් කිසිවෙකු ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් නොවු බැවින් ඒ අය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියා.

ඒ අනුව මහින් ප්‍රියන්ත ගමගේ, හරිත් රැවන් රණසිංහ, සුගත් වසන්ත කුමාර, උදය පුෂ්පකුමාර, චන්දික බණ්ඩාර වීරකෝන් යන සුප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂවරුන් සහ සෙසු ආයතනයේ උදය රංජිත්, ලක්ෂ්මි මේනකා, මයුරපාද ගුණවංශ, වික්ටර් රාජමානර් (සභාපති) ශමිලා අරුනෝදනි, වසන්තා කුමුදුනි, විජිත ලොකුනාරංගොඩ යන අයට නොතීසි නිකුත් කෙරුණා.

අධිකරණයට ඉදිරිපත් වූ කෝසල සුරංග යන අය ලබන අප්‍රේල් 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටි අතර මීගමුව පොලිසියේ පොලිස් පරික්ෂක අබේනායක මහතා පැමිණිල්ල මෙහෙය වූවා.

  1. මේ වගේම ද ෆිනන්ස් කම්පනි එක වහන්ඩ අනුබල දුන්න ඒකේ සහ මහ baන්කුවේ උගත් මහත්වරු යයි කියා ගන්න පට්ට හොරු raලේත් නම් ගම් ප්‍රසිද්ද කර මහ උලු ගෙදරට haකි තරම් ඉක්මනට දක්කමුද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46