දෙවුන්දර ද්විත්ව ඝාතනයේ සැකකරුවන් පලා යාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට

මාතර – දෙවුන්දර ද්විත්ව ඝාතනයේ සැකකරුවන් 04කු පලා යාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ව මීගමුවේ දී අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේ දී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා ද හඳුනාගත් බව මාර්තු 24 වැනි දින පොලිසිය ප්‍රකාශ කළා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී 21 වැනිදා (සිකුරාදා) රාත්‍රියේ තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණා.

තිදෙනෙක් මෙම වෙඩි තැබීම සඳහා වෑන් රථයකින් පැමිණ තිබූ අතර දෙදෙනෙක් ඉන් බැස මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව පසුව වාර්තා වුණා.

වෙඩිතැබීමට සම්බන්ධ එම වෙඩික්කරුවන් දෙදෙනා මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය පැවසීය.

ඝාතනයට ලක්වූ තරුණයන් දෙදෙනාගේ මිතුරෙක් එම වෙඩික්කරුවන්ට තොරතුරු ලබා දී ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

ඝාතනය වූ ස්ථානයට මීටර 800ක් පමණ දුරින් වූ අතුරු මාර්ගයක ගිනි තබා තිබියදී සොයාගත් වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය සම්බන්ධයෙන් ද මේ වන විට පොලිසිය තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

එම වෑන් රථය ප්‍රසිද්ධ දුරකථන සේවා සමාගමක ස්ටිකර්වලින් සරසා තිබූ බවයි පැවසෙන්නේ.

මෙම වෑන් රථයට සමාන වෑන් රථයක් ඝාතනයට ලක් වූ තරුණයක් දෙදෙනා මීට පෙර තවත් තරුණයන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වන ස්ථානයක පිටුපස නවත්වා තිබෙන අයුරු දැක්වෙන රූප රාමු පෙළක් මාධ්‍යයට නිකුත් කෙරුණා.

මේ හේතුවෙන් අදාළ වෑන් රථය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනාගෙන් පොලීසිය මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අතර ඔවුන්ගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් තරුණයන් දෙදෙනාගේ සමීපතමයෙක් වන අතර ඔහු වෑන් රථයේ ස්ටිකර් අලවා තිබූ ප්‍රසිද්ධ දුරකථන සමාගමේ රැකියාවේ නියුතු අයෙක්.

අදාළ වෑන් රථය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබාගත් බවට සැකකරන පුද්ගලයාගේ 30 හැවිරිදි බිරිඳ වන අතර ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ ඝාතනයට ආධාර අනුබල දීම යටතේයි.

මෙම ඝාතනය මෙහෙය වූ බව කියන දෙහිගෙදර බාලේ නමැත්තාගේ ඥාතියෙකු ද අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු 46 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

සිව්වැනි සැකකරු වෙඩික්කරුවන්ට නවාතැන් සැපයීම සම්බන්ධයෙන් කපුගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අයකු වන අතර ඔහු බාලේ මල්ලි නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට සිට මෙහෙයවන පුද්ගලයා බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල සහ මාතර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14