”යුද්ධ කිරීමට තීරණය කළේ මමයි – ඔවුන් ක්‍රියාත්මක කළේ මගේ තීරණයි” – මහින්ද රාජපක්ෂ (වීඩියෝ)

එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ හිටපු යුද ප්‍රවීණයින් හට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 05 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා අතිවිශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය සමග පැවති යුද්ධයේ දී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාධිපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාධිපති ජගත් ජයසූරිය යන අයට බ්‍රිතාන්‍යයට ඇතුල්වීම හා බ්‍රිතාන්‍යයේ දේපොළ අයිතිය තහනම් කිරීම් ඇතුළු සම්බාධක බ්‍රිතාන්‍යයේ රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පසුබිමකදියි හිටපු ජනාධිපතිවරයා මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

එකී චෝදනා කිසිදු තැනකවත් ඔප්පු කර නොමැති බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙවැන්නක්.

”එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකල ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ මම ය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළහ. 2002 සටන් විරාම ගිවිසුම තිබියදීත් 2002 පෙබරවාරි සිට 2005 සැප්තැම්බර් අවසානය වන විට එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතන 363ක් සිදු කර තිබුණි. 2005 නොවැම්බර් මාසයේ දී මා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එල්ටීටීඊ ප්‍රහාර උත්සන්න විය. මගේ ජනාධිපති ධුරයේ මුල් මාස කිහිපය ඇතුළත සිදු වූ බරපතළම ප්‍රහාර අතර 2005 දෙසැම්බර් 4 සහ 6 යන දිනවල යාපනයේ දී ක්ලේමෝ බෝම්බ දෙකකින් සොල්දාදුවන් 13 දෙනෙකු මියයෑම, 2006 ජනවාරි 05 වැනි දින නාවික යාත්‍රාවකට එල්ල වූ කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් නාවික භටයින් 15 දෙනෙකු මියයෑම සහ 2006 අප්‍රේල් මාසයේ දී හමුදා මූලස්ථානය තුළ දී හමුදාපතිවරයාට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය මේ අතර වේ.

මේ සියල්ල සිදු වී තිබියදීත් සාමය පවත්වාගෙන යෑම සඳහා මගේ රජය 2006 ජනවාරි හා ජුනි මාසවල දී ජිනීවා හා ඔස්ලෝහි දී සාම සාකච්ඡා වට දෙකක් පැවැත්වූ අතර ඒ සාකච්ඡා වට දෙකම එල්ටීටීඊ විසින් ඒකපාර්ශ්වික ව නතර කරන ලදී. යුද්ධය නැවත ආරම්භ කිරීමට මට සිදු වූයේ 2006 ජුනි මාසයේ දී කැබිතිගොල්ලෑවේ දී සාමාන්‍ය සිවිල් වැසියන් ගමන් කළ බස් රථයකට එල්ල වූ එල්ටීටීඊ බිම් බෝම්බ ප්‍රහාරයෙන් 64 දෙනෙකු මියගොස් 86 දෙනෙකුට බරපතළ තුවාල සිදු වූ පසුවය. ඒ සිද්ධියෙන් මියගිය බොහෝ දෙනෙක් ළමයින් වූහ.2006 ජූලි මාසයේ දී එල්ටීටීඊ මාවිල් ආරු සොරොව්ව වසා දමා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට වාරි සැපයීම නතර කළ අවස්ථාවේ සිට හමුදා මෙහෙයුම් ආරම්භ වූ අතර 2009 මැයි 19 වැනි දින එල්ටීටීඊ ය සම්පූර්ණයෙන් ම පරාජය කරන තෙක් එම මෙහෙයුම් නතර නොවීය.

යුද්ධය අතරතුර මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු වූ බවට බ්‍රිතාන්‍යයේ රජය කරන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරමි. 2017 ඔක්තෝබර් 12 වැනි දි නේස්බි සාමිවරයා, බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ කළ දේශනයක දී එවකට කොළඹ සිට බ්‍රිතානයේ ආරක්ෂක කටයුතු පිළිබඳ ව තානාපති නිලධාරියා වූ ලුතිතන් කර්නල් ඇන්ටන් ගෑස් ශ්‍රී ලංකා හමුදාවේ විනය ඉහළින් අගය කළ බවත්, සිවිල් වැසියන් ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක හමුදාව කිසිසේත්ම නොසිටි බවත් තමාට පැවසූ ආකාරය සිහිපත් කර සිටියේය..” යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනය මගින් දක්වා තිබෙනවා.

මෙවන් පසුබිමක් යටතේ දී 2009 අප්‍රේල් මාසයේ දී බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස බල කර සිටි අවස්ථාවේ දී තමන් එය එකහෙළාම ප්‍රතික්ෂේප කළ බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා.

පසුව විකිලීක්ස් විසින් ප්‍රසිද්ධ කරන ලද රහස් ලියවිලි උපුටා දක්වමින් ලන්ඩනයේ ද ටෙලිග්‍රාෆ් පුවත්පත හෙළි කළේ මිලිබෑන්ඩ් මහතා බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට දෙමළ ඡන්ද දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුද්ධයට මැදිහත් වීමට උත්සාහ කළ බවයි.

අද දක්වාම එල්ටීටීඊයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ආණ්ඩුවල ස්ථාවරය මේ ඡන්ද කුට්ටි දේශපාලනයෙන් තීරණය වන බව කනගාටුවෙන් වුවත් කිව යුතු බව ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දශක තුනක කුරිරු ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා හා පොලිස් නිලධාරීන් 27,965 දෙනෙකුගේ ජීවිත පමණක් නොව දේශපාලන නායකයින් ඇතුළු සිවින් වැසියන් තවත් දහස් ගණනකගේ ද ජීවිත නැති වූ අතර 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ එෆ්.බී. අයි ආයතනය විසින් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙසින් 2008 දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානයයි.

විවිධ පාර්ශ්වයන් වෙතින් එල්ල වන නීතිමය පීඩාවලින් තමන්ගේ සන්නද්ධ හමුදාවන් ආරක්ෂා කරගැනීමට බ්‍රිතාන්‍යය රජය 2021 දී සහ 2023 දී විශේෂ නීති සම්පාදනය කළ බව ද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එබැවින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට තම රාජකාරිය ඉටුකළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වන තාඩන -පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව සෘජුව පෙනී සිටිනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව ද පස්වැනි විධායක ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්..

  1. අතීතයේ සිදු වු හාරා අවුස්සන්නේ නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයවාදීන් වෙල්ලස්සේ මනුෂ්‍ය ඝාතනවල වගකීම් භාර ගත යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21