කුවේට් රාජ්‍යයේ සිපිරිගෙයි බත් කෑ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට

කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait ) රඳවා තබා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ මෙරටට භාරදීම සඳහා අද (26) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත එරට සිට විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබුණා.

කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම 2007 වසරේ දී අත්සන් තබා ඇති අතර, එම ගිවිසුම යටතේ ඉකුත් 2024 වසරේදීත් ශ්‍රී ලංකා සිරකරුවන් 32 දෙනෙකු පළමු වරට මෙරටට ගෙනැවිත් භාර දී තිබූ බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මෙවර කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි ශ්‍රී ලාංකික සිරකරුවන් කුවේට් රාජ්‍යය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සහ තවත් විවිධ චෝදනා මත එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කර දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටි පිරිසක් බවත් වාර්තාවනවා.

මොවුන් කුවේට් ගුවන් හමුදාවට අයත් බෝයිං සී – 17 වර්ගයේ විශාලතම ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

කුවේට් ගුවන් හමුදාවට අයත් කේ.එෆ්.සී.- 3207 දරන එම ගුවන් යානය අද දින දහවල් 11.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවත් වාර්තාවනවා.

මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලාංකික සිරකරුවන් සමග කුවේට් ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකු පමණ පැමිණ සිටි අතර ඔවුන් සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ද දිනක විවේකයක් සඳහා කොළඹ තරු පන්තියේ හෝටලයක් වෙත යොමු කර තිබුණා.

මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සිරකරුවන් කොළඹ, වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ මේ වනවිට අවස්ථා දෙකකදී ශ්‍රී ලාංකික සිරකරුවන් 52 දෙනෙකු මෙරටට රැගෙන විත් භාර දී තිබුණ ද මෙරටින් කුවේට් රාජ්‍යය වෙත භාරදීම සඳහා කුවේට් ජාතික සිරකරුවන් කිසිවෙකු නොවීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14