රනිල්ගේ නිවස ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකුට වරෙන්තු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවන අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් සිව්දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය වරෙන්තු නිකුත් කරමින් ඇපකරුවන්ට නොතීසි නිකුත් කළා.

නඩුව කැඳවූ අවස්ථාවේ දී පෙනි නොසිටි සැකකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් නීතිඥවරුන් අධිකරණයට කරුණු දැක්වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් මුදා හැර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

මෙම නඩුවේ සැකකරුවෙක් වන ජේ. ශ්‍රී රංගා, ඇන්ඩෘ ඉවෝන් පෙරේරා, කළුතර පදිංචි රයිගම් බණ්ඩාරගේ මංජු වෙත්තමුණි, ෂෙරින් වික්‍රමසිංහ, දිල්රුක් මධුශංක, අශාන් සංදීප, අන්වර් අලි, කෝරළගේ ඉන්දික ප්‍රසාද් ඇතුළු සැකකරුවන් පිරිසක් විවෘත අධිකරණයේ පෙනී සිටියා.

පසුගිය 2022 වසරේ ජූලි මස 09 වැනිදා හිටපු ජනාධිපතිවරයාටගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේ දී ගිනි නිවීමට පැමිණි ගිනි නිවන හමුදාවේ වාහනයකට ඇතුළු වීමට ඉඩ නොදී රජයේ සේවකයින්ට අයුතු අවහිරයක් කළ බවට සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31