ඉරාජ් වීරරත්න අද CID වෙත (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා යි.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඊයේ දිනයේ දී තමා තිලකසිරි මහතා සම්බන්ධයෙන් සිය යූටියුබ් නාලිකාව හරහා කළ හෙළිදරව්වක් ගැන ප්‍රකාශ ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස තමන්ව කැඳවන්නට ඇති බවයි.

සුදත්ත තිලකසිරි මහතා දළදා මාලිගාවට මුදල් ලබාදෙන ලෙස ඔහුගේ නාලිකාව හා තවත් ප්‍රචාරක ආයතනයක් හරහා කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද අවධානය යොමු වීම අවශ්‍ය බව ඉරාජ් වීරරත්න මහතා පවසා සිටිනවා.

මෙය මුදල් වංචා කිරීමක් බවත් මෙයට තව තවත් පිරිස් එක් ව සිටින බවත් වීරරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර සුදත්ත තිලකසිරි සම්බන්ධයෙන් ප්‍රගතිශීලි තරුණ ව්‍යාපාරයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ යූ ටියුබ් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන තිලකසිරි මහතා විසින් දළදා ප්‍රදර්ශනය මුවාවෙන් ඒ සඳහා වැසිකිළි පහසුකම් සැපයීමට මුදල් එකතු කිරීමේ වැඩසටහනක් ඒ මහතාගේ මූලිකත්වයෙන් සහ තවත් සංවිධානයක එකතුවෙන් සිදු කර ඇති බවයි.

එය මූල්‍ය වංචාවක් ලෙස ශ්‍රී දළදා මාලිගය නිවේදනය කළ බවත්, මේ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙසත් ප්‍රගතිශීලි තරුණ ව්‍යාපාරය මෙම පැමිණිල්ල යොමු කර තිබෙනවා.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප්‍රගතිශීලි තරුණ ව්‍යාපාර‍යේ කැඳවුම්කරු නීතිවේදී නිරාශාන් විතානගේ පැවසුවේ
මෙම පුද්ගලයා එම ප්‍රචාරය කිරීම හරහා ලක්ෂ හතකට ආසන්න මුදලක් ගිණුමකට බැර කරගෙන ඇති බවයි.

එම ගිණුම අමෙරිකාවේ ලියාපදිංචි ගිණුමක් බව ද කැඳවුම්කරු චෝදනා කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18