නුවරඑළිය තැපැල් කන්තෝරුව විකුණන්නේ නෑ – ඒත් සංචාරක කර්මාන්තයට දායක කරගන්නවා

නුවරඑළිය තැපැල් කාර්‍යාලය පසුගිය රජය විසින් විකිණීමට උත්සාහ කළ ද එය මේ වනවිට (26) නතර කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

පසුගිය රජය විසින් නුවරඑළිය තැපැල් කාර්‍යාලයේ පාලනය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙන් ගැලවීමට උත්සාහ කළ ද, එය මෙම රජය යටතේ සිදු නොවන බව කැබිනට් අමාත්‍යවරයා කියා සිටියා.

නමුත් සම්පූර්ණයෙන් ම තැපැල් කටයුතු පමණක් ම සිදු නොකර, නිසි ක්‍රමවේදයකට අනුව සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ද නුවරඑළිය තැපැල් කාර්‍යාලය යොදා ගැනීම ගැන රජයේ අවධානය යොමු ව ඇති බවයි නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

මේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින බවත්, අදාළ නිසි ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සංචාරක මණ්ඩලයේ ද තාක්ෂණික සහාය ලබා ගනිමින් ඉදිරියේ දී කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බව අධිකරණයට දැනුම්දීම සිදු කරන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම සියලු ක්‍රියාවලිය නාගරික සංවර්ධන අධිකාරියේ මෙන් ම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ද පූර්ණ සහයෝගය ලබා ගැනීමට ද රජය බලාපොරොත්තු වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20