මහ රෑ නිවෙස්වලට පැමිණ නවාතැන් ඉල්ලූ අභිරහස් කාන්තාව අවතාරයක් ද?

අභිරහස් ලෙස මරණයට පත්වූ නාඳුනන කාන්තා මළ සිරුරක් සොරණාතොට ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

ඊයේ (11) අළුයම මෙම මළ සිරුර හමු වී ඇත්තේ සොරණාතොට, ඉඩමපංගුව ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබිය දී.

පොලිසිය පවසන්නේ ලද තොරතුරක් මත මෙම කාන්තා මළ සිරුර සොයාගත් බවයි.

කෙසේ වෙතත් මේවන තෙක් මියගිය තැනැත්තියගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට හැකි වී නැහැ.

මේ අතර මියගොස් ඇති කාන්තාව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ලබා දී ඇති තොරතුරක් වෙත සියල්ලන්ගේම අවධානය යොමුව තිබෙනවා.

මෙම තැනැත්තිය පෙරේදා (10) රාත්‍රී කාලයේදී ප්‍රදේශයේ නිවෙස් කිහිපයකටම ගොස් ඇති බවයි එම නිවෙස්වල පදිංචිකරුවන් පවසන්නේ.

ඇය එම නිවෙස්වලට ගොස් නවාතැන් ඉල්ලා සිටි බව ද ඔවුන් පවසනවා.

මෙම කාන්තාව නන්නාදුනන තැනැත්තියක් නිසාත්, මේවන විට රටතුළ පවතින තත්ත්වය නිසාත් කිසිවෙකුත් ඇයට නවාතැන් ලබා දී නැහැ.

පසු දා අළුයම ඇගේ මළ සිරුර හමුවීමත් සමග ප්‍රදේශවාසීන් බොහෝ දෙනා බියට පත් වී තිබෙනවා.

මේ අතර ඇතැමුන්ගේ මතය වී ඇත්තේ ප්‍රදේශයේ නිවෙස්වලට පැමිණ නවාතැන් ඉල්ලන අවස්ථාවේ දී ද කාන්තාව මරණයට පත්ව සිට ඇති බවටයි.

ඇගේ අවතාරය පැමිණ මෙලෙස නවාතැන් ඉල්ලා ඇති බව ඔවුන්ගේ මතය වී තිබෙනවා.

කෙසේ වෙතත් මියගොස් ඇති කාන්තාවගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව පොලීසිය සඳහන් කළා.

කිසිවෙක් විසින් මෙම කාන්තාව ඝාතනය කළේ ද නැතිනම් වෙනත් අනතුරකින් මියගියේද යන්න සොයා පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18