වැලිමඩ, බෝගහකුඹුර ප්‍රදේශයේ විහාරස්ථානයක වගාකර තිබූ ගංජා පැළ 571ක් සමඟ හිමිනමක් පොලිසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෝගහකුඹුර පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවන එම විහාරස්ථානයේ වැඩ සිටි හිමිනමක්.
පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක දී විහාරස්ථාන භූමියේ වගාකර තිබූ අඟල් 06ක් පමණ උසැති මෙම ගංජා පැළ පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
සැකකාර හිමිනම වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර, බෝගහකුඹුර පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
25
+1
2
+1
4
+1
5
+1
3















