තරංගට තරග පාවාදීමට බලපෑම් කළ යෝගී පටෙල්ට සිව්වසරක සිර දඬුවම්

මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පසුගිය වසරේ පැවති ලෙජන්ඩ් තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කිරීමේ චෝදනා එල්ල වී සිටි කැන්ඩි සෑම්ප් ආර්මි කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල්ට මාතලේ මහාධිකරණය අද (25) වසර 04ක සිරදඬුවම් නියම කළා.

සිරදඬුවම් නියම කරමින් මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා යෝගී පටෙල්ට නියෝග කළේ රුපියල් මිලියන 85ක දඩයක් ද අධිකරණයට ගෙවන ලෙසයි.

ඊට අමතරව යෝගී පටෙල් විසින් තරග පාවාදීමට බලපෑම් සිදුකළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කර සිටියා.

පල්ලෙකැලේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දියාවේ කැන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක යෝගි පටෙල් ක්‍රිකට් කළමනාකාර වරයාට පසුගිය වසරේ මැයි 15 වැනිදා අධි චෝදනා බාර දුන් මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නඩුව විභාගකර තීන්දුවක් ලබාදෙන තෙක් විත්තිකරුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

විදේශ ගමන් බලපත්‍රය අධිකරණ බාරයට පමුණුවන ලෙසට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයාට යොමු කරන ලෙස ද දන්වා සිටියා.

යෝගී පටෙල් විත්තිකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීරයේ අප දෙකක් සහ ලක්ෂ පහක මුදල් ඇපයක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ පස්වන වගන්තියේ (ඇ) වගන්තිය ප්‍රකාරව පැවරූ මෙම නඩුව තරඟ පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවරූ පළමු අධිචෝදනා නඩුවවන අතර දකුණු ආසියාවේ පැවරූ පළමු නඩුවයි.

ක්‍රීඩා පනත ප්‍රකාරව නඩුව විභාග කර මාස තුනක් ඇතුළත තීන්දුවක් ප්‍රකාශයට පත් කළ යුතුයි.

ඒ අනුව අද (25) මෙම තීන්දුව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශයට පත් කරමින් එම සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?