තරංගට තරග පාවාදීමට බලපෑම් කළ යෝගී පටෙල්ට සිව්වසරක සිර දඬුවම්

මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පසුගිය වසරේ පැවති ලෙජන්ඩ් තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කිරීමේ චෝදනා එල්ල වී සිටි කැන්ඩි සෑම්ප් ආර්මි කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල්ට මාතලේ මහාධිකරණය අද (25) වසර 04ක සිරදඬුවම් නියම කළා.

සිරදඬුවම් නියම කරමින් මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා යෝගී පටෙල්ට නියෝග කළේ රුපියල් මිලියන 85ක දඩයක් ද අධිකරණයට ගෙවන ලෙසයි.

ඊට අමතරව යෝගී පටෙල් විසින් තරග පාවාදීමට බලපෑම් සිදුකළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කර සිටියා.

පල්ලෙකැලේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දියාවේ කැන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක යෝගි පටෙල් ක්‍රිකට් කළමනාකාර වරයාට පසුගිය වසරේ මැයි 15 වැනිදා අධි චෝදනා බාර දුන් මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නඩුව විභාගකර තීන්දුවක් ලබාදෙන තෙක් විත්තිකරුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

විදේශ ගමන් බලපත්‍රය අධිකරණ බාරයට පමුණුවන ලෙසට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයාට යොමු කරන ලෙස ද දන්වා සිටියා.

යෝගී පටෙල් විත්තිකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීරයේ අප දෙකක් සහ ලක්ෂ පහක මුදල් ඇපයක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ පස්වන වගන්තියේ (ඇ) වගන්තිය ප්‍රකාරව පැවරූ මෙම නඩුව තරඟ පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවරූ පළමු අධිචෝදනා නඩුවවන අතර දකුණු ආසියාවේ පැවරූ පළමු නඩුවයි.

ක්‍රීඩා පනත ප්‍රකාරව නඩුව විභාග කර මාස තුනක් ඇතුළත තීන්දුවක් ප්‍රකාශයට පත් කළ යුතුයි.

ඒ අනුව අද (25) මෙම තීන්දුව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශයට පත් කරමින් එම සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56