Empty Ad
AFC Banner
Empty Ad

යුරෝපයට පනින්න සිටි බංගලියන් පිරිසක් කටුනායකින් අල්ලයි

යුරෝපයට පළා යාමේ අදහසින් මෙරටට පැමිණ නීතිවිරෝධී ලෙස රැදී සිටි බංග්ලාදේශ ජාතිකයන් දසදෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ රැඳී සිටිය දී ඊයේ (24) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු බංග්ලාදේශ ජාතිකයින් අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන අය බව සඳහන්.

මොවුන් බංගලදේශයේ සිට ඉන්දියාව වෙත පැමිණ එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ එහිදී සංචාරක වීසා ලබාගෙන මෙරට රැඳී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම බංග්ලාදේශ ජාතිකයින් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දීත් ඔවුන්ට මෙරට රැදී සිටීමට හිමි වී තිබූ වීසා කාලය ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස් එතැන් සිට ඊජිප්තුව වෙත ඇතුළු වී ඉන්පසුව මධ්‍යධරණී මුහුද තරණය කර යුරෝපය වෙත පිවිසීමට සැළසුම් කර තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් පිරිස ආපසු එරටට පිටුවහල් කරන තෙක් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31
Video thumbnail
මොනවා වුණත් මහින්ද මහත්තයා හැමදාමත් ඉන්නේ හදවතේ
00:22
Video thumbnail
රනිල් හදිසියේ අදත් ජාතිය අමතයි - මියන්මාරය ගැන රනිල් සංව්දී වෙයි
04:29
Video thumbnail
අසේල - විමල්ට කනේ ඇබ ගහගන්නම දෙසයි
05:34

?