NYSCO ආයතනයෙන් දෙන ඩිප්ලෝමාව ගැන රජයෙන් දැනුම්දීමක්

ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවට ම මිල ගණන් ඉදිරිපත් කිරීමේ දී වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති බව කෝප් අනුකාරක සභාවේ දී අනාවරණය ව තිබෙනවා.

මෙම කරුණු අනාවරණය වූයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2025 පෙබරවාරි 18 සහ 20 යන දිනවල දී පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම්වල දී ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය පිණිස පත්කළ අනුකාරක සභාව,
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී ස්මාර්ට් යුත් වැඩසටහන් මාලාවේ තුරග තරග පිටියේ පැවති සංගීත ප්‍රසංගය ද ඇතුළත්ව මෙම වැඩසටහන සම්බන්ධයෙන් ද පවතින සියලු වීඩියෝ පට කාරක සභාවට ලබාදෙන ලෙස හිටපු සභාපති පසිඳු ගුණරත්න මහතාට ලබාදුන් නිර්දේශය පිළිබඳ ව අනු කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටියා.

ඒ අනුව එම වීඩියෝපට තමන්ට ලබා දී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූවා.

එහිදී ලක්ෂ 120ක මුදලක් මේ වෙනුවෙන් අදාළ නිෂ්පාදන ආයතන වෙත ලබාදීම පිළිබඳ ව කාරක සභාව
දීර්ඝව කරුණු විමසුවා.

ඒ අවස්ථාවේ දී අනාවරණය වුයේ ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස අදාළ සැපයුම වැඩි මුදලකට ලබාගෙන එම සමාගම විසින් තවත් ආයතන ඔස්සේ එය සිදුකර ඇති බවයි.

ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් මාලාව සමීක්ෂණ වාර්තාවකින් අනතුරුව සිදුකළ බව හිටපු සභාපතිවරයා පැවසුව ද එවැනි වර්තාවක් සභාව සතුව නොමැති බව ජාතික තරුණ සේවා සභා නිලධාරීහු කාරක සභාවට දැන්වූවා.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා ස්මාර්ට් යුත් වැඩසටහන් මාලාව තුළ විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර පුර්ණ වාර්තාවක් මාස 3ක් තුළ කාරක සභාවට යොමු කරන ලෙසත්, ජාතික තරුණ සේවා සභාව මගින් ද පරීක්ෂණයක් සිදුකර නීත්‍යනුකූල ව පියවරයන් ගැනීමට කටයුතු කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම දේශපාලන හේතුන් මත ගැටලු සඳහා මුහුණ දුන් නිලධාරීන් 40 දෙනෙකු සඳහා වන්දි ලබාදීමට, විශ්‍රාමික නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස ලබා දී තිබු කැබිනට් තීරණයක් නොසලකා හරිමින් සභාව මගින් වෙනම කමිටු 3ක් පත්කර වන්දි ලබාදීම පිළිබඳව ද කාරක සභාවේ දී සාකච්ජා කෙරුණා.

ඒ අනුව මෙලෙස වන්දි ලබාගත් නිලධාරීන්,ලබා දුන් වන්දි මුදල් ප්‍රමාණයන්, මෙම උසස්වීම් ලබා දුන්
දිනයන් ,ගෙවීම් කළ දිනයන් ,අනුමතිය ලබා දුන් දිනයන් හා තීන්දු ලබා දුන් නිලධාරීන් පිළිබඳව පුර්ණ වාර්තාවක් සති 2ක් තුළ ලබාදීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දුන්නා.

මේ අතර සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය (NYSCO) මගින් පිරිනමනු ලබන ඩිප්ලෝමාවක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් කාරක සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගත්තා.

එහිදී අනාවරණය වුයේ NYSCO මගින් ක්‍රියාත්මක කරන එම ඩිප්ලෝමාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සම්බන්ධයක් නොමැති බවයි.

මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා NYSCO ආයතනය වර්තමානය වනවිට තරුණ සේවා සභාවේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව පැවසුවා.

NYSCO ආයතනයේ මහා සභාවේ සාමාන්‍යාධිකාරිවරයා තෝරාගැනීමේ වයස අවුරුදු 35ක් ලෙස පැවතිය ද එම වයස් සීමාව මේ වනවිට අවුරුදු 50 දක්වා ඉහළ දමා ඇති බව ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ නාමය මෙ‍ෙලස අවභාවිත කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව
පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මේ පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් විමර්ශනයක් සිදුකර අවශ්‍ය තීරණ ගැනීමට උපදෙස් දුන්නා.

NYSCO හි ප්‍රධාන නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට ද සභාපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබුවා.

මේ සම්බන්ධව කාරක සභාවේ නිර්දේශ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට යොමු කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ජගත් මනුවර්ණ, අසිත නිරෝෂණ එගොඩ විතාන, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටි‍යා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
3
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15