මාතර – නූපේ ව්‍යාපාරික ආයතනයක විශාල ගිනක්

මාතර, නූපේ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක අද (24) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.

පැය හතරකට වැඩි කාලයක් පැවති එම ගින්න හේතුවෙන් මාතර – ගාල්ල මාර්ගයේ කොටසක් ද තාවකාලිකව වසාදැමීමටයි කටයුතු කර තිබුණේ.

මාතර මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයට අමතරව ගාල්ල ගිනි නිවීමේ රථ දෙකක් ද මෙම ගින්න පාලනය සඳහා කැඳවා තිබූ බවයි වාර්තා වන්නේ.

අදාළ ආයතනයේ රථ ගාලේ තිබූ ලොරි තුනක් ද ගින්නෙන් විනාශ වී ඇති අතර, ව්‍යාපාරික ආයතනයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

ගින්න මේ වන විට පාලනය කර ඇති බවයි මාතර පොලිසිය සඳහන් කළේ.