IPL ක්‍රිකට් වසන්තය අද ඇරඹේ – පළමු තරගයට වැස්සෙන් විශාල අවදානමක්

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (22) ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ පළමු තරගය ලෙස වත්මන් ශූර කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් තරග බිමට පිවිසීම නියමිතයි.

කොක්කටා හී ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අද (22) රාත්‍රී 7.30ට ආරම්භ වනවා.

මෙවර තරගවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 08 දෙනෙකු එක්ව සිටිනවා.

මතිෂ පතිරණ, මහිෂ් තීක්ෂණ, වනිඳු හසරංග, නුවන් තුෂාර, එෂාන් මාලිංග, දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස් සහ දසුන් ශානක මෙවර තරගාවලිය වෙනුවෙන් එක්ව සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වනවා.

මේ අතර අද (22) පැවැත්වෙන පළමු තරගය බොහෝ දුරට සම්පූර්ණයෙන්ම අතහැර දැමීමේ විශාල අවදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කොල්කටාවට මේ දිනවල සවස් කාලයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මේ අතර සමාරම්භක තරගයට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයින් ඊයේ (21) සහභාගී වූ ඔවුන්ගේ අවසන් පුහුණු සැසි අතර මඟ අතහැර දමන්නට ද සිදු වුණේ වර්ෂාව හේතුවෙන්.

කණ්ඩායම් දෙකේ පුහුණුවීම් නියමිත පරිදි සවස 5.00 ට ආරම්භ වූ නමුත් සවස 6.00 පන වනවිට වර්ෂාව ඇද හැළුණු අතර, ඒ හේතුවෙන් එම පුහුණු සැසි නවතා දැමුණා.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත්තේ බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා දකුණු බෙංගාලයට ගිගුරුම් සහිත වැසි පතිතවනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49