මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත ළඟදීම – “මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා” ජනපති ලිපියකින් දන්වයි

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ වරප්‍රසාද පනත සංශෝධනය කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

එම පනත ද ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු ගෙන ඒමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී පැවසුවේ.

මේ අතර මන්ත්‍රීවරුන්ට ලබාදෙන රුපියල් ලක්ෂ 10ක රක්ෂණ වන්දිය යළිත් වරක් ලක්ෂ දෙක හාමාරක් දක්වා අඩු කිරීමට තීරණයක් ගෙන ඇති බව ද ජනාධිපතිවරයා පැවසුවා.

එමෙන්ම තමාට මන්ත්‍රී විශ්‍රාම වැටුප අනවශ්‍ය බව දන්වමින් අද දිනයේ ලිපියක් මඟින් දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12