IPL තරගාවලිය හෙට – මෙවර තරගාවලියට නව නීති තුනක්

හෙට (22) ආරම්භවන 2025 ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නව නිති තුනක් හඳුන්වාදීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව කොවිඩ් 19 වසංගතයෙන් පසු පළමු වතාවට, පන්දු යවන කණ්ඩායමට පන්දුවේ පැහැය වැඩි කිරීමට ඛේටය (කෙළ) යොදා ගැනීමට අවසර දී තිබෙනවා.

කොවිඩ් වසංගතයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ පන්දුවේ පැහැය වැඩි කිරීමට ඛේටය යොදා ගැනීම තහනම් කිරීමටයි කටයුතු කළේ.

මුම්බායි හි පැවති නායකයින්ගේ රැස්වීමේ දී ගත් සුවිශේෂී තීරණයකින් IPL බලධාරීන්ගේ බහුතර එකඟතාවයකින් පසුව මෙම තහනම ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම තරගාවලියේ රාත්‍රියේ පැවැත්වෙන තරගවල දී දෙවන ඉනිමේදී 11 වන ඕවරයේ සිට නව පන්දුවක් හඳුන්වාදීමේ නීතියක් ද හඳුවන්ව දී තිබෙනවා.

ඉහළ ලකුණු ලබා ගැනීමේ ක්‍රීඩා ප්‍රවණතාවය දිගටම පවත්වාගැනීමට මෙම නීතිය හඳුන්වා දී ඇති අතර, දහවල් කාලයේ පැවැත්වෙන තරග සඳහා මෙම තීරණය වලංගු වන්නේ නැහැ.

ඊට අමතරව වයිඩ් පන්දු සඳහා DRS ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නීතිය ද මෙවර අයි.පී.එල් තරගාවලියේ දී හදුන්වා දී තිබෙනවා.

තරගාවලියේ ගුණාත්මක භාවය ඉහළ දමාගැනීමට සහ ආකර්ෂණය වැඩි කර ගැනීම වෙනුවෙන් මෙම නව නීති හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
51
+1
8
+1
36
+1
10
+1
4
+1
5
+1
17
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47