Empty Ad
AFC Banner
Empty Ad

ගුවන් හමුදා ජෙට් යානය කඩාවැටීම ගැන සොයන්න විශේෂ පරීක්ෂණ කමිටුවක්

අද (21) පෙරවරුවේ ගුවන් හමුදා ජෙට් යානයක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට සාමාජිකයින් හත්දෙනෙකුගෙන් සමන්විත විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන්ගේ උසස් පුහුණවීම සදහා යොදාගනු ලබන K8 වර්ගයේ ගුවන් යානයක් අද (21) පෙරවරුවේ පුහුණුවීමක් අතරතුර වාරියපොළ ප්‍රදේශයේයට කඩා වැටුණා.

යානයේ ගමන් ගත් ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිලධාරීවරයා ආරක්ෂිතව පැරිෂුට් ආධාරයෙන් ගොඩබැස තිබෙනවා.

අනතුරුව ඔවුන් දෙදෙනා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

අනතුර පත් ගුවන් යානය ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරෙන් පෙරවරු 07.27 පමණ ගුවන් ගත වී ඇති අතර, පෙරවරු 07.55ට පමණ අනතුරට ලක්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?