Empty Ad
AFC Banner
Empty Ad

හීත්‍රෝ ගුවන්තොටුපළ තවකාලිකව වසා දැමේ (වීඩියෝ)

එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපළ තවකාලිකව වසා දමා තිබෙනවා.

එක්සත් රාජධානියේ කාර්යබහුලම ගුවන්තොටුපළ වන හීත්‍රෝ ගුවන්තොටුපළ සිකුරාදා මුළු දවසම වසා තබනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගුවන්තොටුපළ අසල විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් මෙලෙස එම ගුවන්තොටුපළ තවකාලිකව වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ.

බටහිර ලන්ඩනයේ හේස් හි විදුලි උපපොළේ ඇති වූ ගින්නෙන් නිවාස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර, අවට දේපළවලින් පුද්ගලයින් 150ක් පමණ ඉවත් කර ඇති බවට වාර්තා වනවා.

ගින්න ඇතිවීමට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

https://twitter.com/PolitlcsUK/status/1902914626993430891
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?