වාරියපොළ – මිනුවන්ගැටේ ප්‍රදේශයේ දී ජෙට් යානාවක් කඩා වැටී අනතුරක් සිදු ව තිබෙනවා.
අද (21) පෙරවරුවේ මෙම අනතුරට මුහුණපා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානාවක් බවයි වාර්තා වන්නේ.
ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ දී එහි ගුවන් නියමුවන් දෙදෙනකු රැඳී සිට ඇති බවත් ඔවුන් දෙදෙනා ම ආරක්ෂිත ව පිටතට පැමිණීමට සමත් ව ඇති බවත් වාර්තා වනවා.
ඔවුන් පිටතට පැමිණ ඇත්තේ පැරෂූට් ආධාරයෙන්.
ත්‍රිකුණාමලය චයිනා බේ ගුවන් හමුදා කඳවුරෙන් මෙම ජෙට් යානාව ගුවන්ගත කර තිබෙනවා.
රේඩාර් තාක්ෂණික පද්ධතිය බිඳ වැටීම මීට හේතුව බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් ජෙට් යානය මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
4
+1
1
+1