අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝග කළේ; අප්‍රේල් මස 03 වැනි දින දක්වා සැකකාර තෙන්නකෝන් මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.
අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් වී ඇති පසුබිමකදී දින 20කට ආසන්න කාලයක් සැඟව සිට දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (19) පෙරවරුවේ සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.
ඉන් අනතුරුව නඩුව සලකා බැලුණු අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අද දින දක්වා සැකකාර තෙන්නකෝන් මහතා ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාව අඟුණුකොළපැලැස්ස රැඳවුම් මධ්‍යස්ථානය වෙත දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ රැගෙන යාම ද සිදු කෙරුණා.
කෙසේවෙතත් යළිත් රක්ෂිත බන්ධනාගාරයට නියම වුණු දේශබන්දු තෙන්නකෝන් ව අද දිනයේ දී බෝගම්බර – දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන යන බවයි වාර්තා වන්නේ.