දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 තෙක් සිපිරිගෙට – ඇප ඉල්ලීමත් ප්‍රතික්ෂේපයි (වීඩියෝ)

අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝග කළේ; අප්‍රේල් මස 03 වැනි දින දක්වා සැකකාර තෙන්නකෝන් මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් වී ඇති පසුබිමකදී දින 20කට ආසන්න කාලයක් සැඟව සිට දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (19) පෙරවරුවේ සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.

ඉන් අනතුරුව නඩුව සලකා බැලුණු අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අද දින දක්වා සැකකාර තෙන්නකෝන් මහතා ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාව අඟුණුකොළපැලැස්ස රැඳවුම් මධ්‍යස්ථානය වෙත දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ රැගෙන යාම ද සිදු කෙරුණා.

කෙසේවෙතත් යළිත් රක්ෂිත බන්ධනාගාරයට නියම වුණු දේශබන්දු තෙන්නකෝන් ව අද දිනයේ දී බෝගම්බර – දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන යන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
0
+1
19
+1
1
+1
4
+1
1
+1
0
  • Tags
  • D
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16