අභ්‍යවකාශයේ දින 286ක් රැඳී සිටි සුනීතා වෙත මෝදිගෙන් ලිපියක්

ඉන්දීය සම්භවයක් සහිත අභ්‍යවකාශ ගගනගාමී සුනීතා විලියම්ස් හට නරේන්ද්‍ර මෝදි අග්‍රමාත්‍යවරයා විසින් සුබ පැතුම් ඇතුළත් ලිපියක් යොමු කර තිබෙනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ; මෝදි සිය ලිපිය සුනීතා විලියම්ස් හට යොමු කරමින් සඳහන් කර ඇත්තේ; ”ඔබ අපේ හදවත්වලට සමීපයි” යනුවෙන් බවයි.

මාස 09කට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි සුනීතා ඇතුළු සිය සගයා ඊයේ අලුයම 03.30 පමණ වන විට පෘථිවියට පැමිණියා.

මෝදි යොමු කළ ලිපිය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං විසින් X හි තබා තිබෙනවා.

ඒ මෙසේයි;

“ඔබ සහ ඔබගේ කාර්යය ගැන අපි කොතරම් ආඩම්බර වෙනවාද කියා අපි සාකච්ඡා කළා. මෙම ක්‍රියාවෙන් පසුව, ඔබ වෙනුවෙන් සටහනක් නොතබා සිටින්නට බැහැ. බිලියන 1.4 ක ඉන්දියානුවන් සැමවිටම ඔබගේ ජයග්‍රහණ ගැන මහත් ආඩම්බරයකින් සිටිනවා. මෑත කාලීන වර්ධනයන් ඔබගේ විශිෂ්ට වූ ධෛර්යය සහ නොපසුබට උත්සාහය පෙන්නුම් කර තිබෙනවා..” යනුවෙන් එහි සඳහන්.

විලියම්ස් මහත්මිය සහ ඇගේ සගයා වන බුච් විල්මෝර් පැය 17 අභ්‍යවකාශ ගමනකින් අනතුරුව යළිත් මෙලෙස නිරුපද්‍රිතව පෘථිවියට පැමිණියා.

මෙම මාසයේ දිල්ලි නුවර දී නාසා හි හිටපු ගගනගාමි මයික් මැසිමිනෝ සමඟ පැවති රැස්වීමක දී සුනීතා විලියම්ස්ගේ නම ඔවුන්ගේ සංවාදයේ දී මතු වූ බව අගමැති මෝදි සිහිපත් කර තිබෙනවා.

නරේන්ද්‍ර මෝදි යොමු කළ ලිපිය මෙතැනින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03