ඉන්දියාවේ සිරවූ ලාංකිකයින් පිරිසකුත් කොරෝනා වැළඳී මරුට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉන්දියාවේ දී මරණයට පත්ව ඇති බව වාර්තා වෙනවා. මේ බව තහවුරු කළේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි. 

ඔහු පවසන්නේ ලාංකිකයින් 08 දෙනෙකු මෙලෙස ඉන්දියාව තුළ මියගොස් ඇති බවයි. නවදිල්ලියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සහ රාජස්ථාන්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බව සඳහන්. රාජස්ථාන්හි මරණයට පත්ව ඇති දෙදෙනාගෙන් එක් අයෙකු ආයුර්වේද වෛද්‍යවරයෙකු බව ද අනාවරණය වී තිබෙනවා.

 දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරන්නේ වීසා ලබා ගැනීම, වෛද්‍ය කටයුතු ආදී විවිධ හේතු මත පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉන්දියාව තුළ මේවන විට සිටින බවයි. මේ පිළිබඳ අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි. 

මේ අතර නවදිල්ලි නගරයේ පිහිටා ඇති ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 06 දෙනෙකුට ද කොවිඩ් 19 ආසාදිත වී තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27