AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ සිරවූ ලාංකිකයින් පිරිසකුත් කොරෝනා වැළඳී මරුට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉන්දියාවේ දී මරණයට පත්ව ඇති බව වාර්තා වෙනවා. මේ බව තහවුරු කළේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි. 

ඔහු පවසන්නේ ලාංකිකයින් 08 දෙනෙකු මෙලෙස ඉන්දියාව තුළ මියගොස් ඇති බවයි. නවදිල්ලියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සහ රාජස්ථාන්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බව සඳහන්. රාජස්ථාන්හි මරණයට පත්ව ඇති දෙදෙනාගෙන් එක් අයෙකු ආයුර්වේද වෛද්‍යවරයෙකු බව ද අනාවරණය වී තිබෙනවා.

 දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරන්නේ වීසා ලබා ගැනීම, වෛද්‍ය කටයුතු ආදී විවිධ හේතු මත පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉන්දියාව තුළ මේවන විට සිටින බවයි. මේ පිළිබඳ අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි. 

මේ අතර නවදිල්ලි නගරයේ පිහිටා ඇති ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 06 දෙනෙකුට ද කොවිඩ් 19 ආසාදිත වී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?