පුංචි ඡන්දයට නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන් – ඡන්දයේ දිනය ගැනත් අද ප්‍රකාශයක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන නාමයෝජනා භාර ගැනීම අද (20) මධ්‍යාහ්න 12න් අවසන් වනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමිෂන් සභාව මගින් නිවේදනය කළේ මාර්තු මස 17 වැනි දිනයි.

එදින සිට දින තුනකට ආසන්න කාලයක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එක් වී නාමයෝජනා භාරදීම සිදු කෙරුණා.

ඒ සිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල මට්ටමින්.

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයත ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ද පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී අනුමැතිය ලබා දුන්නා.

මේ පිළිබඳව දෙසැම්බර් මස 25 වැනිදා පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී වී ඇති පක්ෂ නායක රැස්වීමේදි 2023 වර්ෂයේ කැඳවන නාම යෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවටයි එකඟතාවකට පැමිණියේ.

ඒ අනුව කැඳවා තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ආපසු කැඳවීමට සහ නව නාම යෝජනා කැඳවීම පිණිස විධිවිධාන සැලැස්වීමට හැකිවන පරිදි මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය ලැබෙන සේ පළාත් පාලන ආයත ආයත ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම වසරේ මාර්තු මාසයේ 17 වැනිදා නව නාමයෝජනා කැඳවීම සිදු කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළේ.

එමෙන්ම ඊයේ (19) මධ්‍යාහ්න 12න් පසුව මෙවර පුංචි ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ද අවසන් කෙරුණා.

අද දහවල් කාලයෙන් අවසන් වන නාමයෝජනා භාරදීමෙන් අනතුරුව පැය එකහමාරක කාලයක් හිමිවන්නේ නාමයෝජනා සඳහා විරෝධතා ගොනු කිරීමටයි.

ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51