“Clean Sri Lanka” යටතේ නාගරික හරිත කලාප ව්‍යාපෘතියක්

රට තුළ ආචාර ධාර්මික, සාමාජයීය සහ පාරිසරික වශයෙන් නව පිබිදීමක් ඇති කර, සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක “Clean Sri Lanka” වැඩසටහන යටතේ “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබෙනවා.

එහි පළමු අදියර යටතේ පෑලියගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවල “ආදර්ශ නාගරික හරිත කලාප” දෙකක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

හරිත නගර සංකල්පයට අනුව නගර සැලසුම්කරණ ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම මාර්තු මාසය අවසානයට පෙර එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

රාජ්‍ය – පෞද්ගලික – ජනතා හවුල්කාරිත්වය යන (Public- Private – People Partnership) 4P සංකල්පයට අනුව රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ පුරවැසියන් එකට එක් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

නාගරික වශයෙන් ජන සංකේන්ද්‍රණය ඉහළ යෑමත් සමග වායු දූෂණය, ගොඩබිම දූෂණය, ජල දූෂණය ඇතුළු බොහෝ පාරිසරික ගැටලුවලට මුහුණදීමට සිදු ව ඇති අතර තිරසර හරිත නගර සංකල්පය පිළිබඳ ලෝකයේම අවධානය යොමු ව තිබෙනවා.

නාගරික වන වගා හේතුවෙන් පාරිසරික ගැටලු අවම වීම පමණක් නොව පරිසරය අලංකාරවත් වීම ද සිදු වන බැවින් වියළි කොන්ක්‍රිට් කලාපයක් වෙනුවට සොබාදහමේ ආස්වාදය විඳිය හැකි හරිත පරිසරයක ජනතාවට ජීවත්වීමට අවස්ථාව සැලසෙනවා.

එය කායික – මානසික වශයෙන් නිරෝගීමත් ජන සමාජයක් නිර්මාණය කිරීමට ද ඉවහල් වනු ඇති බවයි වාර්තා වන්නේ.

නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, කොළඹ මහනගර සභාව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික සමාගම් රැසක් මෙම ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14