මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන ඇප මුදල් තැන්පත් කිරීම අද (19) මධ්‍යාහ්න 12න් අවසන් වුණා.
මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 03 වැනි දින අදාළ ඡන්ද විමසීමේ කටයුතු සඳහා ඇප මුදල් තැන්පත් කිරීම පිළිබඳ ව නිවේදනය කරනු ලැබුවා.
එහිදී මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දුන්නේ කිසිදු හේතුවක් මත අප තැන්පත් කිරීමේ දිනයෙහි දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි.
මෙම ඇප මුදල් දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලවල දී භාරගැනුණු අතර නාමයෝජනා භාරගැනීම ද හෙට (20) මධ්‍යාහ්න 12න් අවසන් වනු ඇති.
කෙසේවුවත් මෙම නාමයෝජනාවලට එරෙහිව පැය එකයි මිනිත්තු 30ක කාලයක් විරෝධතා ඇත්නම් ගොනු කිරීමට ද ඉඩ ප්‍රස්ථාව වෙන් කර තිබෙනවා.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ඉන් අනතුරුවයි.