දින 19ක් හැංගී හිටි දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට – ඔහු වෙනුවෙන් නීතිඥවරු 50ක් මාතරට (වීඩියෝ)

අනිවාර්‍යය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් වී අදට දින 19ක් ගතව ඇති පසුබිමකයි; දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙලෙස අධිකරණයට පැමිණ ඇත්තේ.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටීමට කොළඹ සිට ජනාධිපති නීතිඥවරු ඇතුළු ජ්‍යේෂ්ඨ නීතිඥවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බවයි.

පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ තෙන්නකෝන් මහතා මේ වනවිට අධිකරණ සංකීර්ණයේ අසුන්ගෙන සිටින බවත් ඔහුගේ නඩුව අද දහවල් 02ට විභාගයට ගැනීමට නියමිත බවත් වාර්තා වනවා.

මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේ දී වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය පෙරේදා (17) රුපියල් 150,000ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කළා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඬුල්ල පොලිස්පතිවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියම කර සිටියා.

එමෙන්ම පෙත්සම්කරුට අධිකරණය මගහැර සැඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශන කර නීතිමය පියවර ගන්නා ලෙසත් විනිසුරු මඬුල්ල මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළා.

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉකුත් 17 වනදා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාග කරමින් සඳහන් කළේ ‘ඔහු සාමාන්‍ය පුරවැසියෙකු නොවන බවත්, රටේ පොලිස්පතිවරයා බවයි. එවන් පුද්ගලයෙකු නීතියට පටහැනිව කටයුතු කිරීම දැඩි දෝෂසහිත බවයි’.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුරා දින 19ක කාලයක් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 15ක් දේශබන්දු ව සොයා රට පුරා මෙහෙයුම් දියත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06