නිවස කොල්ලකෑ කොල්ලකරුවන් හිමිකරුව මරා දමලා

ඊයේ (18) උදෑසන කාලයේ පැල්මඩුල්ල පොලිස් වසමේ මැද්දේගංගොඩ ප්‍රදේශයේ නිවසක් බිඳ දේපල කොල්ලකා එම නිවසේ සිටි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට පැල්මඩුල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ මරණකරු වයස අවුරුදු 58 ක් වූ අයෙක් බවයි.

මරණකරු උපතින්ම ආබාධිත පුද්ගලයෙකු වන අතර ඔහු තම සහෝදරයාගේ නිවසට යාබදව ඇති කාමරයක තනිවම ජීවත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුගේ සහෝදරයා විසින් උදෑසන අවදි වී බලන අවස්ථාවේ මරණකරු අත් හා ගෙල රෙදි පටියකින් බැඳ නිවස ඉදිරිපිට ගේට්ටුව අසල ගසක ගැට ගසා සිට තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු මියගොස් සිටි ඇති අතර මරණකරු සිටි කාමරයේ අල්මාරියේ තිබූ රන් භාණ්ඩ හා මුදල් නොමැති බවට ද ඔහුගේ සහෝදරයා විසින් පැමිණිලි කරනු ලැබූ බවයි පැවසෙන්නේ.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් හා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත දේහය ඥාතීන් වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25