Empty Ad
AFC Banner
Empty Ad

ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව පත් කිරීමට කැබිනට් අනුමැතිය

ආසියානු කලාපය තුළ තරගකාරී වෙළෙඳපොළක් බිහි කිරීම සඳහා සහ ආයෝජන ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමේ අරමුණින් විනිවිදභාවයකින් යුත් සහ දරාගත හැකි බදු ක්‍රමයක් ඉලක්ක කර ගනිමින් ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී දුන්නා.

එහෙත්, එම කාර්යය සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුවක් පත් කිරීම හෝ එම කමිටුවේ කාර්යභාරය නිර්ණය කිරීම සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන යෝජිත කාර්යය නිර්ණේය අනුදේශ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව, එකී කාර්යය නිර්ණේය අනුදේශ සඳහා ත් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව පත් කිරීම සඳහා ත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?