විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීමට කැබිනට්ටුවෙන් ගත් තීරණ

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ මෙහෙයුම් සිදුවන ප්‍රදේශවල විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් එම ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන විදුලිය බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම හා නවීකරණය කිරීම සඳහා සම්ප්‍රේෂණ සංවර්ධන සහ බෙදාහැරීමේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිණිස “විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය” යටතේ ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සැපයීමට එකඟතාව පළ කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කිරීමට හඳුනාගනු ලැබ තිබෙන බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණේ.

ඒ අනුව;

  • කැලණිය ප්‍රදේශයේ ග්‍රිඩ් උපපොළක් හරහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිබල සැපයුමක් ලබා ගැනීම.
  • කැලණිය/මීගමුව සහ කෝට්ටේ/මීගමුව ප්‍රදේශවල ලංකා විදුලි පුද්ගලික සමාගමේ මධ්‍යම වෝල්ටීයතා ජාලය ශක්තිමත් කිරිම සඳහා කිලෝවෝල්ට් 33ක විදුලිබල සැපයුමක් හඳුන්වාදීම.
  • කැලණිය සහ කෝට්ටේ/නුගේගොඩ හඳුනාගත් ප්‍රදේශ භූගත කේබල් ජාල බවට පරිවර්තනය කිරීම.
  • කෝට්ටේ, නුගේගොඩ, මොරටුව සහ කළුතර ශාඛා ප්‍රදේශවල කිලෝවෝල්ට් 11ක ස්වයංක්‍රීය පෝෂක පද්ධති ප්‍රතිසැකසුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම.
  • අධීක්ෂණ පාලන හා දත්ත උකහාගැනුම් පද්ධතිය සහ ජාල ස්වයංක්‍රීයකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම.

ඒ අනුව, එම ව්‍යාපෘති ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු උපදේශකයින් තෝරාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14