Empty Ad
AFC Banner
Empty Ad

2025 යල කන්නයට පොහොර මූල්‍ය සහනාධාර ලබාදීමට අනුමැතිය

2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

2025 යල කන්නයේ කුඹුරු ඉඩම්වල වී වගා කරනු ලබන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම්වල වෙනත් ක්ෂේත්‍ර භෝග වගා කරනු ලබන ගොවීන් සඳහා පහත සඳහන් පරිදි පොහොර මූල්‍ය සහනාධාර ලබාදීම මෙලෙස අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව,

2025 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා.

කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර භෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?