හිඟුරක්ගොඩ සංගීත ප්‍රසංගය අල කළ සිද්ධියට හයක් අල්ලයි

හිඟුරක්ගොඩ, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (14) රාත්‍රියේ දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර මෙම කළහකාරී තත්ත්වය හටගෙන තිබූ අතර, එහිදී වේදිකාවට, සංගීත උපකරණ ඇතුළු දේපළවලට දැඩි ලෙස අලාභ හානි සිදුකර තිබුණා.

ප්‍රසංගය සඳහා සහභාගී වන බවට ප්‍රකාශ වී තිබූ ගායකයින් දෙපළක් ඒ සඳහා සහභාගී නොවීමත් සමඟ අලුයම 1.30ට ප්‍රසංගය අවසන් කරන බවට සංවිධානයකින් දැනුම්දී තිබෙනවා.

ඒ, සමඟ එය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී මෙලෙස දේපළවලට හානි සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

සංවිධායකයින් විසින් මෙම ප්‍රසංගය නැරඹීම වෙනුවෙන් රුපියල් 1,000 සහ 2,500 ලෙස ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

සංගීත ප්‍රසංගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45 දෙනෙකු පමණ යොදවා තිබුණ ද ඇති වූ තත්ත්වය පාලනය කිරීමට ඔවුන්ට ද නොහැකි වී ඇති බව වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් හයදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ .

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51